Thursday, January 26, 2012

~~~~ කදුල ~~~~
ආදරයයි කදුලයි අතරේ
නොනැසෙන බැදුමකි  ඇත්තේ
විටකදී සුසුමට විටකදී සිනහවට
එම කදුලයි  අත්වැල් බැන්දේ
 
අහසේ තරු මල් සිනාසුනා
වෙරළේ රල පෙළ සිනාසුනා
ඔබ නෙතු මා නෙතු කතාකලා
ඒ සොදුරු දින අද සිහි වෙනවිට
නැගෙන සිනාවට කදුලක් උනයි තනියට
 
අහසත් පාලුයි රල පෙළ නිසලයි
අද  මාගේ සිත් විල වාගේ
ඔබ ඔහු අත්වැල් පටලා
මා හැර ගියදා අමාවකේ
හද නැගී සුසුමට දිවිය පුරාවට කදුලම පමණයි  තනි රැක්කේ
 

Wednesday, January 25, 2012

 සිත දුක්බරයි වාගෙයි අද අමාවක
පායා එන්න මගේ හද මඩලට සුහද   
 
ගනදුරු රැයක ඉරබටු තරුවක් විලස
නිරතුරු සිටිමි සැනසෙන් මා මියුලැසිය
 
සෙනෙහස සුවඳ පුද දෙන්නෙමි මල් මිටක
බිදුවක් එයින් ඔබගෙන් පතමින් නිබඳ
 
වෙරළට පෙම් බඳින මහා සයුරක් විලස
සෙනෙහස් රළින් ඔබ නහවන්නම් නිබඳ
 
සැඩ රළ පෙළින් ඉවුරත  වැනසෙන ලෙසට
හදවත නොපෙලන්න කිසිදින මා සබඳ
 
දුපත වටා හැඩ කරනා නිල් සයුර
ලෙසින් රකිමි නොබිඳෙන පවුරක්  විලස

Tuesday, January 24, 2012

~~~ ඔබට ~~~~
තෙපුලින් මිහිරි මා මත් කර හැගුම්බර  
සෙනෙහස් ගඟුල්  ගලනා මා වටකර
මා සිත් සනසවා සිත පුරවා ආදර
පින් කර ඇත ලැබුමට ඔබ සුපෙම්බර
 
සයුරට ඇදෙන මහා ගංගාවක් විලසින්
හැරදා නොයා නිතරම අසලින් සිටිමින්
දුක සැප එකා මෙන් සතුටින් විඳගනිමින්
දිවිමග ගෙවමු රන් රස වගේ බැඳෙමින්

Monday, January 23, 2012

~~~ඉටු දෙවියෝ~~~~ 
ආදර තෙපුල් දොඩමින්  මා සුරතල් කරලා
අඩුවක් නැතිව දිව රෑ දුක සැප බලලා
සිතු පැතු සියලු ඉසුරින්  මා සනහලා
පෑ සෙනෙහේ නැත කිසි අඩුවක් දැනිලා


නිසි  කල පැතූ ලෙස මා හිමි සරණට දී
තවමත් විමසයි  බලයි සැප දුක්  පෙර පරිදී
මා නැති අඩුව සිහි කරමින් සැම දිනදී
කදුලැලි සලයි  තවමත් නැත සිත සැනහී


දිව රෑ දුක් විද  අත මිට උපයාලා
සිත සනසවා ගත්තලු අප ගැන සිතලා
නිරතුරු කියනු  ඇසුනා නෙතගට  කදුලැලි  පුරවා
වදිනෙමි පියාණෙනි නිති ඔබ සිහි කරලා


උපයන සියලු දේ රැක අර පරිස්සමින්
ගුණ දම් කියාදී  ලෙහි හොවා ආදරින්
ලෙඩ දුක් සැදුන විට නෙතු නොපියා සෙනෙහින්
උවැටන්  කලා ඉටු දෙවියෙක් ලෙස සිටිමින්


වදන් නොමැත ගුණ කීමට ඔබ දේපලේ
මව් පිය දෙපල ඇත නිති මගේ හද මඩලේ
මෙපින ඇතිය ලබනට බුදු බව සසරේ
පතමි දිගාසිරි සහ සුව සම්පත නිතිනේ




Thursday, January 12, 2012

~උසස්පෙළ විභාගයට පසු~
දිවියෙන් මගේ විසි වසරක් ගෙවී ඇතී
ඒ විසි වසට මා ලද කිසි දෙයක් නැතී
ඉගෙනුම මිසක මා කළ කිසි දෙයක් නැතී
එයද හරි හැටි ලැබුනිදැයි නිච්චි නැතී
අනේ දෙවියනේ කිසි කමකටත් නැතී
මැව්වේ ඇයිද මෙලොවට මා පලක් නැතී
~ කරුමය සහ විවාභය ~
තනිකඩ කාලේ~
   අනේ මගේ කරුමෙ
   මම ආදරය කරන කෙනාව බඳින්න නෑනේ......
 
විවාභයට පසු කාලේ~
   අනේ මගේ කරුමෙ
   මේ මනුස්සයා එක්ක වසන්න බෑනේ.....