Monday, September 14, 2020

දුර ඈත රටක තනිවී මා කැදැල්ලේ

සිතූ පැතූ ලෙස සිටිනා නිදැල්ලේ

දවසින් දවස ගෙවෙනවිටදි  ඇසිල්ලේ 

කුමක්ද... කුමක්ද ...

සතුට පරයා  නැගෙන ...

පුරවනු බැරි අඩුවක්  නිරතුරුව දැනෙන්නේ  අම්මේ ....


දිනයක් ගෙවී නැවුම් දිනයක් උදාවේ 

දෙනෙත් කවුලු අතරින් ඔබේ රූපය මතුවේ 

සැනකින් සිතට ඔබ ලගනැති බව සිහිවේ 

යලිත් හිස්තැනක් මා හදවතේ මැවේ 


මගේ දූ සිගිත්තන් මගේ තුරුල්ලේ 

නිදනා විට නිතැතින් ඔබ මතකයට නැගේ 

කෙදිනද ... කෙදිනද ...

යලි ඔබගේ තුරුල්ලේ 

මොහොතක් සැනසෙන්න ලැබෙන්නේ අම්මේ...