Monday, January 23, 2012

~~~ඉටු දෙවියෝ~~~~ 
ආදර තෙපුල් දොඩමින්  මා සුරතල් කරලා
අඩුවක් නැතිව දිව රෑ දුක සැප බලලා
සිතු පැතු සියලු ඉසුරින්  මා සනහලා
පෑ සෙනෙහේ නැත කිසි අඩුවක් දැනිලා


නිසි  කල පැතූ ලෙස මා හිමි සරණට දී
තවමත් විමසයි  බලයි සැප දුක්  පෙර පරිදී
මා නැති අඩුව සිහි කරමින් සැම දිනදී
කදුලැලි සලයි  තවමත් නැත සිත සැනහී


දිව රෑ දුක් විද  අත මිට උපයාලා
සිත සනසවා ගත්තලු අප ගැන සිතලා
නිරතුරු කියනු  ඇසුනා නෙතගට  කදුලැලි  පුරවා
වදිනෙමි පියාණෙනි නිති ඔබ සිහි කරලා


උපයන සියලු දේ රැක අර පරිස්සමින්
ගුණ දම් කියාදී  ලෙහි හොවා ආදරින්
ලෙඩ දුක් සැදුන විට නෙතු නොපියා සෙනෙහින්
උවැටන්  කලා ඉටු දෙවියෙක් ලෙස සිටිමින්


වදන් නොමැත ගුණ කීමට ඔබ දේපලේ
මව් පිය දෙපල ඇත නිති මගේ හද මඩලේ
මෙපින ඇතිය ලබනට බුදු බව සසරේ
පතමි දිගාසිරි සහ සුව සම්පත නිතිනේ




No comments:

Post a Comment