Wednesday, January 25, 2012

 සිත දුක්බරයි වාගෙයි අද අමාවක
පායා එන්න මගේ හද මඩලට සුහද   
 
ගනදුරු රැයක ඉරබටු තරුවක් විලස
නිරතුරු සිටිමි සැනසෙන් මා මියුලැසිය
 
සෙනෙහස සුවඳ පුද දෙන්නෙමි මල් මිටක
බිදුවක් එයින් ඔබගෙන් පතමින් නිබඳ
 
වෙරළට පෙම් බඳින මහා සයුරක් විලස
සෙනෙහස් රළින් ඔබ නහවන්නම් නිබඳ
 
සැඩ රළ පෙළින් ඉවුරත  වැනසෙන ලෙසට
හදවත නොපෙලන්න කිසිදින මා සබඳ
 
දුපත වටා හැඩ කරනා නිල් සයුර
ලෙසින් රකිමි නොබිඳෙන පවුරක්  විලස

No comments:

Post a Comment